Monday 31 January 2011

මුහුදු කොල්ලකරුවෙකුගේ ආගමනය.....

මේ පටන් ගන්නෙ මගේ දෙවෙනි බ්ලොග් එක. පලවෙනි එක පටන් ගත්තේ මීට අවුරුදු කීපයකට කලින්. හැබැයි ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. අනික ඒක බොහොම ටෙක්නිකල් බ්ලොග් එකක්. බල්ලෙක්වත් ආවේ නෑ කොමෙන්ට් දාන්න. පස්සේ ඒක එහෙම්ම නැවතුනා. එත් බ්ලොග් කියවන එක නං අත ඇරියේ නෑ. ආයෙත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. අපි හැමෝටම බ්ලොග් එකක් පටන් ගන්න කික් එකක් දෙන බ්ලොග් එකක් තියෙනවා. ගොඩ දෙනෙක් පලවෙනි පොස්ට් එක දාද්දි කියනව අහවල් බ්ලොග් එක දැකල තමයි මටත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ කියල.

ඒ වගේ, මගේ දෙවෙනි බ්ලොග් ගමනට දිසාපාමොක් උනේ අපේ රංග ගේ බ්ලොග් එක. මම ඒක දැක්කේ ලඟදි. හැබැයි දැක්ක වෙලේ ඉඳන් මැරතන් කියවිල්ලක් කියෙව්වා. ඉතින් අපේ රංග ලොක්කට පින්සිද්ද වෙන්ඩ ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත. කියන්ඩ කතා ගොඩක් තියෙනවා. ඉඩ තියෙන හැටියට ලියන්නන්. කට්ටිය ඉතින් බැකප් ඒක දීල, පිකප් කරලා ගන්ඩ හොඳේ? 

ආ, මම කොහොමද මුහුදු කොල්ල කාරයෙක් උනේ? ඔය පැත්තකින් තියෙන මගේ ගැන විස්තරේ කියෙව්වනන් හොගත්තහැකි. ආයෙත් ඉක්මනින් හම්බුවෙමු. 

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!